Wednesday, August 27, 2014

දහසක් වැඩ කරගන්න-Office 2013

Office 2013

කාර්යාලීය ලිපි කටයුතු ගණනය කිරීම් ඉදිරිපත් කිරීම් වගේ දහසක් වැඩ කරගන්න තියන හොදම මෘදුකාංග එකතුවක් තමයි Office  පැකේජ් එක කියන්නෙ. ඉතින් මේ Office  පැකේජ් එකේ අලුත්ම සංකරණය Office 2013 ලෙස මයික්‍රොසොෆ්ට් සමගම ඉදිරිපත් කරලා තියනවා. මේක් තියන වෙනස් කම් ගත්තොත් ප්‍රධාන වෙනස තමයි මෙය ඔන්ලයින් ආකාරයෙන් වැඩ කරන එක. එ කියන්නේ පරිගනකයට ස්තාපිත කිරීමක් කරන්න ඕනේ නැතිකම. අපි මුහුණදෙමින් සිටින ක්ලවුඩ් කොම්පියුටිං කියන සංකල්පයට අලුත් එකතුවක් තමයි මේ Office 2013 පැකේජ් 


ඉතින් නවතම සංස්කරණයක් ඉදිරිපත් වෙලා තියන මේ වෙලාවේ මට හිතුනා මේ Office  පැකේජ්  වල ඉතිහාසය ගැනත් පොඩ්ඩක් හොයන්න. 
Office 4.x
Office 95
Office 97
Office 2000
Office XP
Office 2003
Office 2007
Office 2010
ඉතින් ඉතිහාසය හොයගෙන් යද්දි බලන්න මුලින්ම Office  පැකේජ් එක ඇවිත් තියෙන්නේ ප්ලොෆි ඩිස්ක එකක් එක්කයි. අද වෙනකොට පරිගණකයට ස්තාපිත නොකර බාවිතා කිරීමේ ක්ලවුඩ් කොම්පියුටිං හැකියාවත් මෙයට් එක කරලා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉලක්ක කරගෙනයි මෙය නිර්මාණයි කරලා තියෙන්නේ. අපි බලමු Office 2013 කොහොමද වැඩ කරන්නේ කියලා.
Office 2013 ඔයාලගේ පරිගණක වල දුවන්න නම් පහල දේවල් තියෙන්න ඕනේ. 
  • 1 gigahertz (Ghz) or faster x86- or x64-bit processor with SSE2 instruction set 
  • 1 gigabyte (GB) RAM (32 bit); 2 gigabytes (GB) RAM (64 bit) 
  • 3.0 gigabytes (GB) available Hard Disk
  • Graphics hardware acceleration requires a DirectX10 graphics card and 1024 x 576 resolution 
  • Windows 7, Windows 8, Windows Server 2008 R2, or Windows Server 2012 
  • .NET version 3.5, 4.0, or 4.5
හරි, ඉතින් අපි වැඩේ පටන් ගමු. මතක තියාගන්න මේ අලුත් සංස්කරණයි ක්‍රියාත්මක වෙන්න නම් MSI ස්තාපිත කරලා තියෙන්න ඕනේ. ඔයාලගේ පරිගණකයේ MSI ස්තාපිත කරලා  නැත්නම් පහල ලින්කුවෙන් බාගෙන් ස්තාපිත කරගන්න. 
Top of Form
Bottom of Form
ඒ වගේම ඔයාලට @live.com වල ඊමේල ගිණුමක් නැත්නම් අලුත් එකක් හදාගන්නත් වෙනවා. මොකද මේ ඔක්කොම දැන් කරන්න වෙන්නේ ඔන්ලයින් විදියටනේ.  MSI ස්තාපිත කරලා අවසන් උනාට පස්සේ පහල වෙබ් අඩවියට යන්න. මෙතනදි අපි කරන්නේ මයික්‍රිසොෆ්ට් ඔෆිස් වලට ගිණුමක් නිර්මාණය කර ගැනීම. 
පහල රූපයේ මෙන් අදාල
 වෙබ් අඩවිය විවෘත වෙයි 
ඊලගට "Sign Up" කියන එක ක්ලික් කරන්න. ඊලගට අලුත් user profile එකක් හදන්න පටන් ගන්න. ඉතින් ඔයාලට දැනටමත් @live.com වල ඊමේල ගිණුමක් තියනවා නම් අලුත් එකක් හදන්න ඕනේ නෑ.ඒක බාවිතා කරලා sign up වෙන්න.
sign up උනාට පස්සේ ඔයාලව http://portal.microsoftonline.com කියන වෙබ් අඩවියට රැගෙන යනවා එතනදී ආයෙමත් ලොග් වෙන්න
එතනදී දක්නට ලැබෙන Office 365 Admin home page කියන එකේ ඇති "Download Software" කියන එකට යන්න
ඊලගට"install" එක ක්ලික් කරන්න. "Click-to-Run" කියන installer එක අපිට දක්නට ලැබෙයි. එතනදි ඔයාලගෙ රට හා ඕනෙ කරන සංස්කරණය තෝරලා install කරන්න.
ඉතින් පහල රූපයේ මෙන් ස්තාපිත වීමක් පෙන්නයි. ඇත්තටම මෙතනදී වෙන්නේ Office වලට අදාල සේවන් කීපයක් ස්තාපිත වෙනවා හැර Office සම්පූර්ණයෙන් ස්තාපිත වීමක් නොවේ.

ඊලග පියවරේදී ලයිසන් එකට එකග වෙන්න වෙනවා. 
ඊලගට අපිට කැමති විදියට මේ පැකේජය ඩිසයින් කරගන්න පුලුවන්. 
ඔන්න ඊලග කොටසෙදි ක්ලවුඩ් Office 2013 ගිණුම සෑදී අවසන් වෙනවා. 
පහල රූප වලින් පෙන්නන්නේ ලොග් වෙන්න සූදානම් උන Office 2013 හෝම් පේජ් එක 

ඉතින් දාන්න නම් පොටොස් ගොඩක් තියනවා. ඔක්කොම දැන්මාමත් අගයක් නෑනේ. ඔයාලත් මේ පියවර අනුගමනය කරලා මේ ටික කරගෙන අලුත් ඔෆිස් එකට මාරු වෙන්න. ඉතින් මේකේ තියන අනිත් පහසුකම තමයි අපි හදන සියලුම ඩොකියුමන්ට් ඔක්කොම රදවන්නේ ක්ලවුඩ් ස්ටොරේජ් වල. ඕනෙ නම් අපේ පරිගණකයෙත් තියාගන්න පුලුවන්. කරලම බලන්න 


No comments:

Post a Comment