Wednesday, August 27, 2014

Windows 9

Windows 9

ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණයෙන් බල ගැන්වෙන මයික්‍රොසොෆ්ට් සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් බ්ලූ නමින් 2015 වසරේදී එලි දක්වන බවට අනාවැකි පල කරේ. වින්ඩෝස් 8 නවතම මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සංවාදයකදී මේ ගැන ඉගි පල කල බව විවිද වෙබ් අඩවි වාර්තා කරලා තියනවා.

මෙහෙයුම් පද්දති ඉදිරිපත් කිරීමේ රටාව අනුව වසර 3න් තුනට මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්දති ඉදිරිපත් කලා. සාමානයෙන් වසර 5 කාලයක් මෙහෙයුම් පද්දතියක් සංවර්ධනය කිරීමට කල් ගන්නා මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉතිහාසය අනුව මේ වන විට ඉදිරියට එන්නට තියන නව මෙහෙයුම් පද්දතියේත් වැඩ ආරම්බ කර තිබිය යුතුය. වින්ඩෝස් නාම කරණය අනුව මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 9 වේ. එහි කේත නාමය වන්නේ වින්ඩෝස් බ්ලූ යන්නයි. 
මේ වෙන විටත් වින්ඩෝස් 9 වෙනුවෙන් වැඩ කරන පිරිස සිය සාමාජීය ජාල වෙබ් අඩවි මගින් මේ ගැන් යම් යම් ඉගි පල කරනවා. මෙ පහල තියෙන්නෙත් ඒ ආකාරයේ ඉගියක්. 

මූලාශ්‍රය CLICK THIS............


මෙවායින් හැගෙන්නේ වින්ඩෝස් 9 හෝ වින්ඩෝස් බ්ලූ ලෙසින් නම් කරන් ලද මීලග මෙහෙයුම් පද්දතියේ වැඩ ආරම්බ කර ඇති බවයි. නමුත් Foley නමින් හදුනාගන්නා වින්ඩෝස් නිර්මාණකරුවෙක් ඉගි කරන්නේ වින්ඩෝස් 9 ගැන නොව වින්ඩෝස් 8 වලම service pack එකක් ලෙසින් ලබන වසරේදී එනම් 2013 දී අලුත් මෙහෙයුම් පද්දතියක් හදුන්වා දෙන බවයි. ඉතින් මේ Foley සාමාජීය වෙබ් අඩවි යාවත්කාල කිරීම නිවැරදි නම් වින්ඩෝස් බ්ලූ යනු වින්ඩෝස් 8 වල service pack එකකි. 

ඉතින් කොහොම උනත් අනුමාන කිරීම් මත, 
  • වින්ඩෝස් 9 යනු දෘඩ තැටියක් මත ස්තාපිත් කල යුතු ආකාරයේ මෙහෙයුම් පද්දතියක් නොවේ. 
  • ක්‍රියාත්මක වීමට අන්තර්ජාල සබදතාවය අනිවාර්යයි. 
  • වින්ඩෝස් 8 වලම ඇති මෙට්‍රෝ ආකාරයේ අතුරු මුහුනතම බාවිතා කරන්නට ඉඩ තිබේ. 
  • දත්ත තැම්පත් කිරීමට ස්කයි ඩ්‍රයිවු වැනි තාක්ශණයන් බාවිත කරයි. 
  • මේ සියල්ල ඔන්ලයින් නිසා අඩු ධාරිතාවකින් වැඩි වේගයකින් වැඩකල හැකි වේවි. 
  • වින්ඩෝස් 9 බොහෝ විට පෙන් එකක රදවා බූට් කල් හැකි කුඩා ගොනුවක් වේවි 

No comments:

Post a Comment